සරසවි දේවි අපේ
සුරගුරු දරුව ලෙසේ
පායාලා හද අබරේ
දින දින දින බැබලේ //
නව යුගයක අරු නලු පතුරා
ගුණ නැණ බල හද තුල සපුරා
විද්‍යා ශිල්ප කලා ආලෝකෙ
පිබිදේ ඔබ සෙවනේ //
ජයමග ඔබ ළග අපි සැම ඔබ වේ
සෙම්පුර මහ විදුහල් මාතා
ගෙනයනු මැනවී ජයසත සෙවනේ
සිසු කැල අප සැවොමා //